පොඩි පොඩි වියදම් ඇයි ගොඩක් වැදගත් වෙන්නේ ?
මූල්‍යවියදම්

පොඩි පොඩි වියදම් ඇයි ගොඩක් වැදගත් වෙන්නේ ?

Lakmal Perera2026 ජනවාරි 8

ඔයා දන්නවද ඔයා කරන පොඩි පොඩි වියදම් ඔක්කොම එකතු වෙලා මාසේ අන්තිමට පඩියෙන් ලොකු ගානක් යනවා කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ පොඩි පොඩි වියදම් කරද්දී අපි එච්චරම ඒවා ගැන ලොකුවට හිතන්නේ නැති එක. අපි හිතන්නේ හැම වෙලේම ආ රුපියල් 100 යනේ ඕක ලොකු අවුලක් නැහැ කියලා.

අප අතරින් බොහෝ දෙනෙක් නිවාස කුලිය, ණය ගෙවීම්, විදුලිය බිල්පත් වගේ විශාල වියදම් හොඳින් සටහන් කරනවා. නමුත් දිනපතා කරන කුඩා වියදම් ගැන අමතක වෙනවා. මේක එච්චරම හොද දෙයක් නෙවෙයි මොකද උදාහරනෙකට කිව්වොත් නැවක් ගිලෙන්නේ විශාල රළ පහරකින් නෙමෙයි, කුඩා කුඩා සිදුරු හරහා එන ජලය නිසා තමයි නැවක් ගිලෙන්නේ. ඔබේ මූල්‍ය සෞඛ්‍යය විනාශ වෙන්නේත් එහෙමයි.

අපට නොපෙනෙන මුදල් කාන්දුව

අපි උදාහරණයක් ගමු, කසුන් කියන්නේ අලුතින් රස්සාවට ගියපු වයස අවුරුදු 26 ක විතර තරුණයෙක්. මාසිකව රුපියල් 150000 ක විතර වැටුපක් ගන්නවා. හැබැයි මාසේ අග වෙනකොට කසුන්ට තේරෙන දෙයක් තමයි කසුන් අතේ කිසිම මුදලක් ඉතුරු වෙලා නැහැ කියන එක. අනිත් පැත්තෙන් බලපුවාම කසුන් සමහර වෙලාවට credit card එකටත් සැලකිය යුතු මුදලක් නය වෙලා.

කසුන් හැම වෙලේම හිතන්නේ ඔහු සැලකිලිමත්ව වියදම් කරන කෙනෙක් කියාල. වැඩිපුර ලොකු වියදම් වෙන වැඩ වලට, party වලට කසුන් යන්නේ නැහැ. නමුත් මෙහෙම වෙලා තියෙද්දිත් කසුන් අතේ ඉතුරුවක් නැති වෙන්නේ ඇයි කියලා කසුන් කල්පනා කරනවා. ඉතින් මොකද වෙන්නේ කියලා කසුන් ට හොයාගන්න පුළුවන් එකම ක්‍රමේ තමයි හැම වියදමක්ම සටහන් කරගෙන ගණන් හදලා බලන එක.

මෙන්න මෙහෙමයි කසුන්ගේ වියදම් සටහන් උනේ